අවු 72 මවගේ අනියම් පෙමට එරෙහි වූ පුතුට අත්වුණු කඳුළු ඉරණම

මුන්දලම කරිකට්ටිය ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක් 48 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඇතිකරගත් අනියම් සම්බන්ධයට හරස් වීට නිසා මවගේ අනියම් පුරුෂයා විසින් පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ එස්. එම්. චාමර රුවන් නමැති 28 හැවිරිදි එක් දරු පියෙකි.
ඝාතනයට ලක්වූ තරුණයා අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීට දින කිපයකට පෙර කල්පිටිය ප්‍රදේශයේ පදිංචි තම සොහොයුරියගේ නිවසට පැමිණි අවස්ථාවේ මවගේ අනියම් පෙම පිළිබඳවව තොරතුරක් ලැබී තිබේ.
ඒ ගැන තොරතුරු විපරම් කර පුතු මව සිටි ස්ථානයට පෙරේදා(18) රාත්‍රියේ 9.45ට පමණ පැමිණෙන අවස්ථාවේ මෙම 72 හැවිරිදි මව තම 48 හැවිරිදි අනියම් පෙම්වතාට නිවසේ කාමරයක රාත්‍රි ආහාර කවමින් සිට තිබේ.
එම අවස්ථාවේදී කෝපයට පත් පුතු තම මවව දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.
එය බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් ඇති අතර එකවරම අනියම් සැමියා විසින් කාන්තාවගේ පුතාට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර දෙදෙනා අදර පොරබැදීමක්ද සිදුවී තිබේ.
සැකකරු විසින් පුතාගේ පපුව හරහා ඇන තිබූ පිහිය ගලවාගෙන නැවත වරක් පිහියෙන් ඇනීමට කටයුතු කරන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු එය වළකා සැකකරුට පහරක් එල්ල කර ඇත. ඒ සමගම සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
පිහි ප්‍රහාරයකට ලක්වූ තරුණයාව කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කලත් ඒ වන විටත් ඔහු මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම තරුණයා ඝාතනය කළ සැකකරු මීට පෙර මීගමුවේ තිදෙනකුද, පොලොන්නරුවේ එක් අයෙකුද පුත්තලම කරිකට්ටිය ප්‍රදේශයේ එක් අයෙකුද ඇතුළුව ඝාතන පහකට ප්‍රධාන සැකකරුවෙකු වන බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මීගමුවේ ඝාතනවලට වසර 20ක් බන්ධනාගාරගතව සිට පැමිණ සිටියදී මෙම ඝාතනය සිදු කර ඇත.
මීට පෙර සිදුකළ ඝාතන 05 සඳහාම යොදා ගෙන තිබෙන්නේ එකම පිහියක් බවත් එම පිහිය මෙම ඝාතනයටද යොදා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
සැකකරු පිහියත් සමඟ පලා ගොස් සිටියදී පොලිස් නිලධාරීන් හා තරුණයින් පිරිසක් එක්ව මුන්දලම ආමුකුලිය ප්‍රදේශයේ සැඟව සිටියදී දැඩි ප්‍රයත්නයක් දරා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම 72 හැවිරිදි කාන්තාව සිය නිවසේ පවත්වාගෙන යන බෝඩිම් කාමරයක මෙම සැකකරු මාස ගණනාවක සිට නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ මරණයට පත් තරුණයාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
12102 Views
Comments