NOV
03
ගෑස් මිල නැවතත් ඉහලට

ගෑස් මිල ඉහළ නැංවිමට ලාෆ් ගෑස් සමාගම යළිත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ. කෙසේ වුවත් මිල ඉහළ දමන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳව වාර්තා නොවේ.
ලාෆ් ගෑස් සමාගම මිට පෙර අවස්ථා දෙකකදී ගෑස් මිල වැඩි කිරීම සඳහා කටයුතු කෙරුණි. ගෑස් මිල පාලනය කිරීමෙන් ඉවත් වීමට මේ වන විටත් රජය තීරණය කර ඇත.
ගෑස් මිල වැඩි කළද මේ වන විට වෙළඳපොළ තුළ දැඩි ගෑස් හිඟයක් හටගෙන ඇතැයි පසුගිය දින කිහිපය පුරාවට පාරිභෝගිකයින් චෝදනා කරයි.
773 Views
Comments