අඩු පීඩන කළාපයේ බලපෑම නිසා ප්‍රදේශ රැසකට ඉතා තද වැසි - කාලගුණයෙන් රතු නිවේදන
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

අඩු පීඩන කළාපයේ බලපෑම නිසා ප්‍රදේශ රැසකට ඉතා තද වැසි - කාලගුණයෙන් රතු නිවේදන

අඩු පීඩන කළාපයේ බලපෑම නිසා ප්‍රදේශ රැසකට ඉතා තද වැසි - කාලගුණයෙන් රතු නිවේදන

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින අතර එම පද්ධතිය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ලංකාවේ උතුරු වෙරල ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ලඟාවේ යැයි අපේක්ෂා කරයි.

 

මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

උතුරු, උතුරු-මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

 

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළංඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින අතර එම පද්ධතිය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ලංකාවේ උතුරු වෙරල ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ලඟාවේ යැයි අපේක්ෂා කරයි.

 

එබැවින් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකී   සිටින ලෙස දැනුම් දෙනු ලබන අතර ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළංබස්නාහිර සිට වයඹ දක්වා වන දිශා වලින් දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) පමණ දක්වා වැඩි විය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

883 Views

Comments

arrow-up