රථ වාහන දඩ ඔන්ලයින් ක්‍රමයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
16

රථ වාහන දඩ ඔන්ලයින් ක්‍රමයට

රථ වාහන දඩ ඔන්ලයින් ක්‍රමයට

රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ ගෙවීම් මාර්ගගතව සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය අණ පනත් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද අධිකරණ අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.

 

ඒ අනුව ඉදිරියේ දී රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් එම ස්ථානයේදීම ගෙවීමට අවශ්‍ය නීති සම්පාදනය කෙරේ.

 

මේ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සදහා විශේෂ කමිටුවක් ද පත්කර ඇති අතර එළැඹෙන ජනවාරි මාසය වනවිට නිර්දේශ ලබා ගැනීම අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර මෙම නව ක්‍රමවේදය මුලින්ම අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

views

768 Views

Comments

arrow-up