කොවිඩ් සුව බවට රෝහලෙන් නිදහස් කල රෝගියා නිවසේදී මියගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

කොවිඩ් සුව බවට රෝහලෙන් නිදහස් කල රෝගියා නිවසේදී මියගිහින්

කොවිඩ් සුව බවට රෝහලෙන් නිදහස් කල රෝගියා නිවසේදී මියගිහින්

කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා රෝහලේ සිට නිවසට පැමිණි පුද්ගලයෙකු නිවස තුළදී ජීවිතක්ෂයට පත්වූ පුවතක් බණ්ඩාරවෙල කහන්තේවල ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයෙහි ග්‍රාම නිලධාරී වරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබේ. පසුව ඔහු රෝහලෙන් නිවස වෙත එවා ඇති අතර දින 3කට පසු  ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

views

1490 Views

Comments

arrow-up