ගැබිනි මව්වරුන් 700ක් කොරෝනා වැළඳී රෝහල්වල
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

ගැබිනි මව්වරුන් 700ක් කොරෝනා වැළඳී රෝහල්වල

ගැබිනි මව්වරුන් 700ක් කොරෝනා වැළඳී රෝහල්වල

කොවිඩ් ආසාදනයවී රෝහල්වල ගැබිණි මවුවරුන් 700ක් පමණ ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

 

මේ වන විට ගර්භනී මවුවරුන් 19 දෙනෙකු කොවිඩ් ආසාදනය වී මියගොස් ඇතැයිද ඇය සඳහන් කළාය. මේ අතර කොවිඩ් ආසාදනයවූ ගර්භනී මවක ඊයේ(11) දිනයේද මියගොස් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.


කොවිඩ් ආසාදනයව රෝහල්වල ප්‍රතිකාර ලබන ගර්භනී මවුවරුන් සංඛ්‍යාව පසුගිය මාසය වනවිට පැවතුණේ දෙසීයක පමණ සීමාවේ වුවද මේවන විට එම සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඊයේ වනවිට හත් සියයේ සීමාවට පැමිණ ඇතැයි වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

 

ගර්භනී මවුවරුන්  කොවිඩ්  ආසාදනය වීම වැඩිවන තත්වයක් පෙන්නුම් කෙරෙන බවත් එතුමිය පැවසුවාය.

 

ඇතැමුන් විවිධ මත නිසා කොවිඩ් මර්දන එන්නත මඟ හරින තත්ත්වයක් ඇති බවත්, ගර්භනී මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාගැනීමට නිර්දේශ කර ඇතත් ඔවුන්ගෙන් දැනට කොවිඩ් එන්නත ලබාගෙන ඇත්තේ සියයට 30ක ප්‍රතිශතයක් පමණක් බවත් ඇය වැඩිදුරටත් කීවාය.

 

එන්නත ලබා ගත් මවුවරුන් කිසිවෙකුටත් කිසිදු සංකූලතාවක් මතුවී ඇති බවට  ාර්තාවී නැතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය හැකි ඉක්මනින්ම එන්නත ලබා ගැනීමට කටයුතු කරනමෙන් සියලු‍ම ගර්භනී මවුවරුන්ට දැනුම් දෙන බවත් පැවසුවාය. 

views

771 Views

Comments

arrow-up