පාර්ලිමේන්තු ආ ජනපතිට දුක කියූ බදියුදීන්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද(04) පාර්ලිමේන්තුව හමුවේ අදහස්පළ කළේය.
කෙසේවුවද ඔහුට හිමි කාලය අවසන්වීම නිසා එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
“ජනාධිපතිතුමාත් ඉන්නවා, අගමැතිතුමාත් ඉන්නවා, මාව අත්අඩංගුවට ගත්තේ අප්‍රේල් 24.
දවස් 102ක් වෙනවා අද වෙනකොට. පැය 24ම වහලා දාලා තියෙනවා. අද වනතුරු කිසිම විමර්ශනයක් නෑ මං බොරු කියන්නේ නෑ
ඇයි මාව අත්අඩංගුවට ගත්තේ කියලා ඕ.අසි.සී මහත්තයාගෙන් අහනකොට කිව්වේ මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුභ්‍රමනියම්ට මිනිත්තු එකහමාරක් දුරකථනයෙන් කතා කරපු එකට කියලා ජනාධිපතිතුමනි. වෙන කිසිම කාරණයක් නෑ ජනාධිපතිතුමනි.”
යනුවෙන් බදියුදීන් මහතා පැවසුවේය.
එහිදී මන්ත්‍රීවරයාට වෙන්වූ කාලය පිළිබඳ ගැටලුවක් මතුවූ අතර කථානායකවරයා සඳහන් කළේ,
“ඔබතුමාගේ කාලය අවසානයි. විනාඩි 2 ඉවරයි. ඔබතුමා ජනාධිපතිතුමාව හමුවෙලා කියන්න. විනාඩි 2ක් දුන්නා. තවත් දෙන්නේ නෑ.” යනුවෙනි.
පසුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ,
“දැන් බාලසුභ්‍රමනියම් කොහෙද ඉන්නේ කියලා අහන්න, බාලසුභ්‍රමනියම් රට පැනලා.” යන්නයි.
697 Views
Comments