ඉන්දියාවේ මාරක අනතුරකින් 18 දෙනෙක් ජිවිතක්ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් අගනුවරට සැතපුම් 17 ක් පමණ දුරින් වූ බරබනාකි ප්‍රදේශයේදී බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
මම අනතුරට මුහුණදී ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ වැසියන්වන කම්කරුවන් පිරිසක් වන අතර ඔවුන් පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල සේවයේ නිරතව සිටි අයවේ.
නැවත බිහාරයට පැමිණෙමින් සිටින අතරතුර රාත්‍රියේ බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා ඔවුන් එය ඉදිරිපිට මහාමාර්ගයේ නිදාගෙන තිබේ.
පිටුපසින් පැමිණි ට්‍රක් රථය බස් රථය ඉදිරියට තල්ලු කර ඇත්තේ එම කම්කරුවන් පිරිස යට කරමිනි.
තුවාල ලැබූවන් පිරිසක් රෝහල් ගත කල අතර ආපදා කණ්ඩායම් විසින් බස් රථයට යටවී මියගිය පුද්ගලයන්ගේ සිරුරු ඉවත් කර ගනු ලැබිණි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගින් 140 ගමන් ගෙන ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
865 Views
Comments