ඇගලුම් කම්හලේ අහඹු පී.සී.ආර් හයෙන් පහක ඩෙල්ටා තව 109ක් ආසාධිතයි

කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සිදු කළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඉකුත් දින කිහිපය තුළ මෙම කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම හේතුවෙන් ජූලි 19 වන දා එහි අංශ කිහිපයක සේවක සේවිකාවන් 166 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර තවත් සේවක සේවිකාවන් 20 දෙනෙකුගේ ලබා ගත් ජෛව සාම්පල් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇත. එහිදී PCR පරීක්ෂණවලින් සේවක සේවිකාවන් 109 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වී ඇත.
මේ අතර එම පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් 6 දෙනෙකුගේ සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීමේදී එයින් පස් දෙනෙකුට ඩෙල්ටා වෛරසය ආසාදිත වී ඇති බව අනාවරණය වී ඇත.
843 Views
Comments