වෙබ් අඩවියේ කාන්තාවන් අලෙවිකරොත් වැඩ වරදී

පසුගියදා 15 හැවරදි දැරියක් වෙබ් අඩවියක් තුල අලෙවිකල සිද්ධිය සම්බන්ධයෙන් වෙබ් අඩවියේ හිමිකරු ඇතුලු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.මෙම කාන්තාවන් අලෙවිකරන වෙබ් අඩවි වලට වාරණ යොදා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නව නීති සකසන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ලිංගික කටයුතුවලට කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.ඒ අනුව තහනමට අවශ්‍ය අවසරය දීමට අධිකරණය විසින් අදාළ වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් කරුණු විමසීමක් කර ඇති බව පැවසේ.
මේ තහනම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු ඇතුළු රජයේ නීතිඥවරුන් කිහිප දෙනකු පත් කර ඇති අතර ඉදිරියේ දැඩි තීරණ ගන්නා බව හෙතෙම පැවසී ය.
1080 Views
Comments