හිමිනමක් ඝාතනය කිරීමට සැලසුම් කළ විහාරාධිපති හිමි අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

හිමිනමක් ඝාතනය කිරීමට සැලසුම් කළ විහාරාධිපති හිමි අත්අඩංගුවට

හිමිනමක් ඝාතනය කිරීමට සැලසුම් කළ විහාරාධිපති හිමි අත්අඩංගුවට

විහාරස්ථානයක වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට සැකපිට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

ඉංගිරිය නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකින් පසු අදාළ විහාරාධිපති හිමියන් අත්අඩංගුවටගත් බවයි.

 

අදාළ විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා අනෙක් ක්‍රියාවන් සිදුකිරීම යන චෝදනා යටතේ විහාරාධිපති හිමි අත්අඩංගුවට ගෙන ඇති අතර එම විහාරාධිපති හිමි අදාළ ඝාතනය සිදුකිරීම සඳහා විහාරයේ සිටි රියදුරෙකුට රුපියල් ලක්ෂ 11ක මුදලක් ලබාදී ඇතැයිද පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 

විහාරස්ථානයේ අයිතිය පිළිබඳ පැවති ආරවුලක් මත එම ඝාතනය සිදුකිරීමට සැලසුම් කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

 

අත්අඩංගුවට පත්වු සැකකාර හිමිනම 49 හැවිරිදි අයෙක් වන අතර රියදුරු සොයා මේවන විටත් පරීක්ෂණ ආරම්භකර තිබේ.

views

1263 Views

Comments

arrow-up