වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුධ හමුදා මේජර් ජෙනරාල් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුධ හමුදා මේජර් ජෙනරාල් අත්අඩංගුවට

වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුධ හමුදා මේජර් ජෙනරාල් අත්අඩංගුවට

මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් කටයුතු කල බව කියන සිදුවීමකට අදාළ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණ භාරවිමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අද(01) උදෑසන හබරණ පොලීසියට භාර වූ ඔහු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

 

පසුගිය 23 වන දින මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට වනජිවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් යුධ හමුදා මේජර් ජෙනරාල්වරයාට චෝදනා කර තිබුණි.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම හබරණ පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

views

722 Views

Comments

arrow-up