වැවක ගිලී මියගිය පුද්ගලයාට කොරෝනා - ආශ්‍රිතයින් නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

වැවක ගිලී මියගිය පුද්ගලයාට කොරෝනා - ආශ්‍රිතයින් නිරෝධායනයට

වැවක ගිලී මියගිය පුද්ගලයාට කොරෝනා - ආශ්‍රිතයින් නිරෝධායනයට

ආණමඩුව වැවක දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මරණයට පත්ව තිබූ අතර මෘත ශරීරයේ සිදුකල PCR පරීක්ෂණයයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.

 

ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 20 පමණ නිරෝධායනයට යොමුකල බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවී අබේරත්න මහතා අද(24) පැවසීය.

 

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 60 හැවිරිදි තිදරු පියෙක් වන අතර මරණය ඉකුත් 22 වනදා සිදුව ඇත.

 

නිරෝධායනයට යොමුකල පුද්ගලයින් 20 දෙනාට අමතරව අදාළ පුද්ගලයා සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් 50 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවත් ඔවුන් නිරෝධායන උපදෙස් මගහරිමින් කටයුතු කරන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

 

ඒ අනුව ඔවුන්ටද ඉදිරියේදී PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු පැවසීය.

views

886 Views

Comments

arrow-up