සියළුම අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

සියලුම අවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමන ලෙස ආනයනකරුවන් විසින් ඉල්ලීම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
මේ අතර කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ කිරිපිටි 1kg ක පැකට්ටුවක මිල රුපියල් 350 කින් ඉහළ දමන ලෙසයි.
මෙරට මාසික කිරිපිටි පරිභෝජනය ටොන් 7500 ත් 8000 ත් අතර ප්‍රමාණයක පවතින අතර ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම නැව් ගාස්තු ඉහළ යාම ආදී හේතු කාරණා හේතුවෙන් කිරිපිටි ආනයනය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදු වී ඇති බව ඔවුන් අදාළ ලිපියේ දක්වා තිබෙනවා.
කිරිපිටි තොග ප්‍රමාණවත් වන්නේ තවත් සති 4ත්, 6ත් අතර කාලයකට පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව ආනයනික කිරිපිටි 1kg පැකට්ටුවක් රුපියල් 350ක් කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින් ද ඉහළ දමන ලෙස කිරිපිටි ආනයන කරුවන් ඉල්ලා තිබෙනවා.
කිරිපිටි කිලෝවක පැකට්ටුවක් මේ වන විට රුපියල් 945 ක මිලකට අලෙවි වන අතර ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල වන්නේ රුපියල් 380 ක් මේ අතර වෙළඳපොළේ එළවළු මිල ද මේ වන විට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ පෑලියගොඩ මැනිං වෙලදපොලේ අද එළවලු රැසක කිලෝ ග්‍රෑම් එකක තොග මිල දැක්වුණේ රුපියල් 200 ත් 250 ත් අතර මිලකටයි. වෙළඳපොලේ සහල් මිල ගණන් ද මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගියදා ගෑස් සමාගම් ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් පමණ ඉහළ දමන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබුණා. මෙලෙස මිල වැඩි කිරීමේ යෝජනා සම්බන්ධයෙන් අද වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
නිරෝදායනය වන පවුල් සඳහා කොළඹ මහ නගර සභාවේ ප්‍රතිපාදන මත සකස් කරන බඩු මලු පිළිබඳ සොයා බැලීමට ඔරුගොඩවත්ත සතු සෙබඩා සංකීර්ණය වෙත පැමිණි අවස්ථාවේදීයි.
2518 Views
Comments