ගිනිගත් නැවේ බවට සැක කරන යකඩ බෝයාව වෙරළට පැමිණේ -(PHOTOS)

ගිනිගෙන දැවුණු එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බවට සැක කළ හැකි කිලෝග්‍රෑම් 250ක් පමණ බරකින් යුක්තය යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයේ පාවෙමින් තිබියදී ඊයේ (10) උදෑසන ගොඩ ගෙන තිබුණා.
පෙරේදා පස්වරුවේ වෙරළට මීටර 200 ක් පමණ ඈතින් විශාල යකඩ කොටසක් පාවෙමින් තිබෙනු ප්‍රදේශයේ ධීවරයින් දැක ඇති අතර ඊයේ උදෑසන වන විට එය මොරගල්ල ආසන්නව පාවෙමින් තිබී තිබෙනවා.
ඒ අනුව අලුත්ගම ධීවර පර්යේෂකවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව බෝට්ටුවක් සහ කඹ යොදා ගනිමින් මොරගල්ල ප්‍රධාන සංචාරක හෝටලයක් පිටුපස වෙරළ දක්වා එය ඇදගෙනවිත් තිබෙනවා.
අඩි 7ක් පමණ උසකින් යුක්ත කිලෝග්‍රෑම් 250 කට ආසන්න බරකින් යුක්ත මෙම යකඩ බෝයාව පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයට බාර දීමට කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.
1519 Views
Comments