රජයට අයත් ගොඩනැගිලි කිහිපයක් ලබා දීම ගැන ඇල්ලේ ගුණවංශ හිමි නොසතුටින්- (VIDEO)

කොළඹ කොටුවේ පිහිටි මහජන බැංකු ගොඩනැගිල්ල ඇතුළු රාජ්‍ය දේපල කිහිපයක් ජාත්‍යන්තර ආයතන වලට දීම සඳහා රජය කටයුතු කරමින් පවතින බව තමාට දැනගන්නට ලැබී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කරනවා.
ඊයේ (10) කොළඹ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ අදාළ ගොඩනැගිලි ලබා දීමේදී නීතිමය රාමුව තුළ කටයුතු කරන ලෙස රජයට දැඩිව දැනුම් දෙන බවයි.
එසේම අදාල විකිණීම සම්බන්ධයෙන් තමාගේ දැඩි විරුද්ධත්වය රජයට ප්‍රකාශ කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා. මේ රටේ ජනතාව මේ සම්බන්ධයෙන් විරුද්ධ විය යුතු බවත් ඒවාට එරෙහිව හඬ නැගිය යුතු බවත් උන් වහන්සේ එහිදී ප්‍රකාශ කළා.
895 Views
Comments