ඩෙංගු සහ කොරෝනා ලක්ෂණ සමානයි - අවධානයෙන් සිටින්න

ඩෙංගු රෝගය සහ කොරෝනා රෝගයේ සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසනවා.
මේ නිසා කිසිදු අවදානමක් නොගන්නා ලෙසත් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිට පළමු අවස්ථාවේදීම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු මුණ ගැසෙන ලෙසත් ඔහු උපදෙස් ලබා දුන්නා.
පසුගිය වර්ෂයට සාපේක්ෂව ඩෙංගු රෝගීන් අඩු බවක් මෙරටින් මේ වසරේ දී පෙන්නුම් කළ ද ඉදිරියේ ඉදිරියේදී රෝග ව්‍යාප්තිය වැඩි වීමක් පෙන්නුම් කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා.
දිවයිනේ සෑම රෝහලකම ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති අතර සංචරණ සීමා පනවා ඇති කාලය තුළ තම නිවෙස් හා අවට පරිසරය පිරිසිදු කර ගැනීමත් ජනතාවගේ වගකීමක් බවයි විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පෙන්වා දුන්නේ.
සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ දිනවල කොරෝනා රෝග මර්දන කටයුතු වල නිරත වන බැවින් ඩෙංගු මර්දන රාජකාරි සඳහා මුළුමනින්ම යෙදවීමෙන් අපහසුතාවක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
එබැවින් එහි වගකීම ජනතාව විසින් ඉටු කළ යුතු බව සහ තම නිවස අවට පරිසරය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිට ක්‍රියා කිරීමේ වගකීම ඔවුන් සතු බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
914 Views
Comments