JUN
10
වැල්ලවත්තේදී එකම පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙක් අතර ගැටුමක්

වැල්ලවත්ත විහාර මාවතේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක සහ එම පෙරමුණේම තවත් මන්ත්‍රීවරයෙකු අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.
වැල්ලවත්ත පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ මන්ත්‍රීවරිය පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් බවයි.
කෙසේ වෙතත් දෙදෙනාම තමන්ට පහර දුන් බවට පවසමින් වැල්ලවත්ත පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව සඳහන්.
1276 Views
Comments