හෙද වර්ජනයෙන් රෝගීන්ට පීඩා - රෝහල් රැසක කටයුතු අඩාල වෙයි

දීමනා හා උසස් වීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන හෙද වෘත්තීය සමිති 3 ක් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙන අතර ඒ හේතුවෙන් රෝගීන් දැඩිලෙස පීඩාවට පත්ව තිබුණා.
අත්‍යාවශ්‍ය රෝහල් කිහිපයක හා කොරෝනා ප්‍රතිකාර සිදුකරන රෝහල් හැර කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසකම මෙම වර්ජනය අද උදෑසන ආරම්භ වුණා.
නිල ඇඳුම් දීමනා වැඩි කිරීම, ප්‍රවාහන හා අතුරු දීමනා රුපියල් 15,000 ක මුදල ලබාදීම, හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, වසරපහකට වරක් උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 9 ක් මුල්
කරගෙනයි ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවේ.
රජයේ හෙද නිලධාරින්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය යන සංගම් මෙම වර්ජනය අද සහ හෙට ක්‍රියාත්මක කරනවා.
කෙසේ වෙතත්, හදිසි හා අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය විරෝධය පළ කර තිබෙනවා.
738 Views
Comments