වැරදි කරන පොලිස් නිලධාරීන්ට දැඩි දඬුවම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

වැරදි කරන පොලිස් නිලධාරීන්ට දැඩි දඬුවම්

වැරදි කරන පොලිස් නිලධාරීන්ට දැඩි දඬුවම්

අපරාධ වැරදි සහ විනය විරෝධී ක්‍රියා සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

 

විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන නිධාරීන්ට පමණක් නොව එවැනි නිලධාරීන් අධීක්ෂණය කරනු ලබන නිලධාරීන්ට එරෙහිව ද විනයානූකූල පියවර ගැනීමට උපදෙස් දී තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොලීසියේ ඇතැම් නිළධාරීන් සිදුකර ඇති විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලීසිය අපකීර්තියට පත්ව ඇති බවයි.

 

නෙළුව පොලිස් ස්ථානයේ දී දැරියකට අතවර කිරීම, පොලිස් බස්රථවලින් ඉන්ධන ලබා ගැනීම හා වරකාපොළ ප්‍රදේශයේ සිදුවු සිදුවීම් වලට අදාළව පොලිස් නිලධාරීන්ගේ රාජකාරි මේ වන විට අත්හිටුවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

අතළොස්සක් පොලිස් නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා හේතුවෙන් පොලීස් සේවයේ ප්‍රතිරූපයට හානි සිදුවී ඇති බවත් එය සමස්ත පොලිස් සේවයම අනුමත නොකරන බවත් ඒ මහතා කියා සිටියේය.

views

773 Views

Comments

arrow-up