සහරාන්ගේ පන්ති ගිය තවත් අයෙක් අත්අඩංගුවට

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ අන්තවාදී පන්ති සදහා සහභාගි වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක් වන මොහොමඩ් සියාම් නම් නාරම්මල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මොහු 2018 සහ 2019 යන වසරවලදී සහරාන්ගේ දේශනා වලට සම්බන්ධ වී ඒ පිළිබඳ ප්‍රතිඥාවන්ද දුන් අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
මෙලෙස අන්තවාදී පන්තිවලට සහභාගි වූ පුද්ගලයින් 14 දෙනෙකු මේ වන විට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
849 Views
Comments