බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම්දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම්දෙයි

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම්දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා අද(08) පෙරවරුවේ මුදල් අමාත්‍යධුරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැද පාර්ලිමේන්තුවට පිවිසි ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය දරනු ලැබීය.

 

කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන ගිය ක්‍රියාකාරකම් රැසකට මුලිකත්වය ලබාදුන් බැසිල් රාජපක්ෂ මහතා, කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.

views

755 Views

Comments

arrow-up