නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ආ බස්රථය පොලිස් භාරයට

අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කොට මඩකලපුවේ සිට කොළඹ පැමිණි බස්රථයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පෞද්ගලික බස්රථයේ රියදුරු, රිය සහායක සහ එහි ගමන්ගත් මගීන් 38දෙනෙකු ද සමඟ පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර ගත වූ දිනයේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 45,935 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
917 Views
Comments