13 හැවිරිදි දැරියක් අපයෝජනය කල පියා ඇතුළු 5ක් අත්අඩංගුවට

නාවලපිටිය ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූවන් අතර දැරියගේ පියා ද සිටින බව වාර්තාවේ.
ඒ සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
කාන්තාව හා පියා ඇතුළු පුද්ගලයින් 5 දෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති අතර මෙම දැරියව අපයෝජනය කළ තවත් පුද්ගලයින් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.
1512 Views
Comments