ඉදිරි සති තුන තීරණාත්මකයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

ඉදිරි සති තුන තීරණාත්මකයි

ඉදිරි සති තුන තීරණාත්මකයි

ඉදිරි සති කිහිපය තුළ තුළ නව කොවිඩ් ප්‍රවනතා ඇතිවිය හැකි බව වෛද්‍ය වෘත්තිකයන් පවසයි.

 

ඉදිරි සති 4 ඇතුළත කොරෝනා රෝගයේ නව ප්‍රවණතාවන් මෙරටින් හමුවීමට ඉඩකඩ ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.මෙරට රෝගය පාලනය අතහැර දමා රට යතාතත්වයට පත්කරමින් යන අතර මෙහි ප්‍රතිඵල ඉදිරි සති තුන තුල දැක ගත හැකි බව ඒ මහතා ප්‍රකාශ කරයි.

 

මෙම අවස්ථාව රටේ ජනතාව තමාගේ ආරක්ෂාව තමාටම සලසාගත යුතු කාලයක් බවත් මෙම අවස්ථාවේ දැඩි සංචරන සීමා ලිහිල් නොකලයුතු බවත් ව්‍යාපාරික වුවමනාවන්ට මුල් තැන දෙමින් කටයුතු කිරීම තුළ රෝග පාලනය ගිලිහෙන බවත් එක රැල්ලක අවසානය අත්හැරීම තුළ ස්වාභාවික සංසිද්ධියක් සේ නව රැල්ලක් ඇති වන බවද රවී කුමුදේශ් සඳහන් කරයි.

 

views

759 Views

Comments

arrow-up