මෙරටට වාහන ආනයනය කිරීම ගැන ආණ්ඩුවෙන් තීරණයක්

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සදහා යළි ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසයි.
විද්‍යුත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඉදිරියේදී යම් සලකා බැලීමක් කරන බවයි මුදල් අමාත්‍යංශයේ ලෙක්ම්වරයා කියා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ නමුත් ඒ සදහා මෙතෙක් කාල වකවානු තීරණය වී නොමැති අතර ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සදහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අනාවරණ වී තිබුණේ පසුගිය වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව මිලියන 08 ඉක්මවා ඇති බවයි.
මොරටුව විශ්ව විද්‍යාලය සහ තවත් ආයතතන කිහිපයක් මගින් සිදු කළ පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වායු දූෂණයට 60% ක් පමණ හේතුවන්නේ රථවාහන බවයි.
817 Views
Comments