විශේෂඥ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති පත් කරයි

සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ මැතිවරණ ව්‍යුහය සහ මැතිවරණ නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනා විශ්ලේෂණය කිරීමට පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කර ඇති බවයි.
ආචාර්ය අනුර කරුණාතිලක , සුරේන් ප්‍රනාන්දු , මහාචාර්ය පී, බාලසුන්දරම්පිල්ලේ සහ ගෞතම් බාලචන්ද්‍රන් යන මහත්වරුන්ද එම කමිටුවට පත් කරන ලද අනෙකුත් සාමාජිකයන් වේ.
පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ ලේකම් , මාණ්ඩලික ප්‍රධානී , පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසා සිටියේ මැතිවරණ ව්‍යුහය හා මැතිවරණ නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට මහජන හා සිවිල් සමාජ සංවිධානවලින් යෝජනා 255ක් ලැබී ඇති අතර ඒ සදහා යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට තිබූ කාලය ජූලි 15න් අවසන් වූ බවයි.
894 Views
Comments