කොවිඩ් සුවවූ ඇතම් දරුවන්ට බහුපද්ධති සංකූලතා රෝගය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

කොවිඩ් සුවවූ ඇතම් දරුවන්ට බහුපද්ධති සංකූලතා රෝගය

කොවිඩ් සුවවූ ඇතම් දරුවන්ට බහුපද්ධති සංකූලතා රෝගය

කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාරවලින් පසු සුවය ලබන දරුවන් අතරින් ඇතැම් දරුවන් බහු පද්ධති සංකූලතාව නමැති රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.

 

 

ඉතාම විරල ආකාරයෙන් දරුවන් පන්දහසකින් එක් අයකුට ලෙස ඇතිවිය හැකි මෙම රෝගී තත්ත්වයට නිසි ප‍්‍රතිකාර ලබාදීමෙන් සුව කළ හැකි බවයි ශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ.

 

 

උදර රෝගී තත්ත්වයක් සමග අසාමාන්‍ය ලෙස පාචනය ඇතිවීම මෙම රෝගී තත්ත්වයේ සුලබ රෝග ලක්‍ෂණයක් බවද පෙන්වා දෙන මහාචාර්යවරයා මෙහිදී කඩිනමින් දරුවා ප‍්‍රතිකාර සදහා යොමු කිරීම ඉතා වැදගත් බව ද එතුමා පවසයි.

views

872 Views

Comments

arrow-up