රාජ්‍ය ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පෙනී සිට මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

රාජ්‍ය ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පෙනී සිට මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

රාජ්‍ය ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පෙනී සිට මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කොළඹ අපරාධ අංශය සදහන් කළේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පෙනී සිට රුපියල් මිලියන 12ක් වංචා කළ කැළණියේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

 


එම පුද්ගලයා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වාහනයක් මිලට ගැනීම සදහා මෙම මුදල වංචා කර ඇති බව පොලීසිය පැවසුවේය.

 

 


සැකකරු , රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පෙන්වීමට ව්‍යාජ හැදුනුම්පතක් හා ව්‍යාජ ලියකියවිලි පෙන්වා ඇති අතර ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

879 Views

Comments

arrow-up