පළාත් කිහිපයකට වැසි - සුළං තත්වයේද වැඩිවීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

පළාත් කිහිපයකට වැසි - සුළං තත්වයේද වැඩිවීමක්

පළාත් කිහිපයකට වැසි - සුළං තත්වයේද වැඩිවීමක්

සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ.

 

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

 

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතසිට බස්නාහිරදක්වා වන දිශාවලින් හමා එයි. සුළගේ වේගයපැ.කි.මී. (30-40) පමණ වේ.

 

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහපුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විටපැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැක.

 

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහපුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.

 

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

views

766 Views

Comments

arrow-up