කප්පම් ගන්න ගිය හමුදා සෙබළු තුනකට වැඩ වරදී

හලාවත ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් 15000 ක් සහ මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයකුගෙන් 80.000 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි හමුදා සාමාජිකයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම පවත්වා ගැනීමට අවශ්‍යනම් මෙම මුදල ලබාදෙන ලෙස මොවුන් ඉල්ලා සිට ඇති බවද පොලිසිය පවසයි.
හලාවත ප්‍රදේශයේ කාන්තාවගෙන් ඊයේ(21) දිනයේ රු.15000ක මුදල ඉල්ලා ඇති අතර ඇය පොලිසියට කළ දැනුම්දීමක් මත මුදල් ලබා ගැනීමට පැමිණ සිටි සැකකාර හමුදා සෙබළුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් මීට දින කිහිපයකට පෙර කිසියම් පුද්ගලයෙකු රුපියල් 80.000ක මුදල ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්‍ෂණ පවත්වා අනෙක් හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර හමුදා සෙබලුන් තිදෙනා සම්බන්ධයෙන් යුද හමුදාව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණවලින් පසු මොවුන් හමුදා සේවයෙන් නෙරපා හැරීමට ක්‍රියා කරන බවත් යුද හමුදාව දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
787 Views
Comments