ප්‍රකෝටිපතියාගේ මරණය ඝාතනයක් - බිරිඳ සහ සේවකයා රිමාන්ඩ්

පළමු පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් නහරයක් පුපුරා යෑමෙන් හදිසියේ මරණයට පත්වූ බවට සඳහන් වූ මීගමුවේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුව සිටි ඩබ්ලිව්. එස්. සලින්ද්‍ර ප‍්‍රියදර්ශන (58) මහතාගේ මරණය ස්වභාවික මරණයක් යැයි අනාවරණය වී තිබියදී පසුව එම මෘත දේහය ගොඩගෙන දෙවන වරට සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණ ප‍්‍රතිඵල ලැබීමට පෙර මරණකරුගේ බිරිඳ සහ සේවකයා ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්බන්ධ යැයි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම නීති විරෝධී යැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.
මෙම ව්‍යාපාරිකයා දැනට මාස 8කට පමණ පෙර හදිසියේ මරණයට පත්වූ අතර එහි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එය මොළයේ නහර පුපුරා යෑමකින් සිදුවූ ස්වභාවික මරණයක් බවට නිගමනය කර සිරුර මිහිදන් කළේය.
මාස 8 කට පසු ලද පැමිණිලි අනුව ව්‍යාපාරිකයාගේ සිරුර ගොඩගෙන දෙවන වරට පශ්චාත් මරණ පරීක්‍ෂණයට යවන ලදී. පසුව එය ඝාතනයක් යැයි සැකපිට ඔහුගේ බිරිඳ වන චන්ද්‍රා පුන්‍යා අතුකෝරළ (52) සහ සේවක මුත්තුසාමි පලනියන්ඩි (50) නමැත්තත් මීගමුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයටගන්නා ලදී.
මේ දක්වා පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිලන්ත වලලියැද්ද මහතා මෙම මෘත දේහය මිහිදන් කිරීමෙන් අනතුරුව වෙනස්කම් රැසක් සිදුව ඇති බව අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
ඒ අනූව දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව කඩිනමින් අධිකරණය හමුවට කැඳවන ලෙසට මීගමුව පොලිසියට නියෝගකර වැඩිදුර විභාගය ජූලි මස 27 වෙනි දිනට නියම කර එතෙක් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රැඳවීමට මහේස්ත්‍රාත්තුමිය නියෝග කළාය.
පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක, උප පොලිස් පරීක්‍ෂක රෝහණ සහ සැරයන් බණ්ඩාර යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවූහ.
28757 Views
Comments