මාස හයේ බිළිඳියට වඩා කාඩ් කුට්ටම ලොකුවූ අම්මා

කාන්තාවන් සඳහා පමණක් මුදල් ඔට්ටුවට බූරුවා ගැසීමට හැකි ස්ථානයක් වටලා කාන්තාවන් හත්දෙනකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව මොරටුමුල්ල පොලිසිය සඳහන් කරයි.
සූදුපිටිය වටලන අවස්ථාවේ එහි සිටි සැකකාරියන් අත්අඩංගුවට ගෙන බූරුපිටියේ තිබූ රුපියල් 7000 කට ආසන්න මුදලක් සහ බූරු කූට්ටම කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස්භාරයට ගත් එක් කාන්තාවක් මාස 6 ක් වයසැති තම සිඟිති දියණිය ඥාති නිවසක දමා බූරු ගැසීමට පැමිණ ඇති බවත්, එම සැකකාර කාන්තාව සිර මැදිරියේ සිටින අවස්ථාවේ බිලිඳියට මව් කිරි දීම සඳහා සිර මැදිරියෙන් ඉවතට ගෙන අවස්ථාව ලබා දුන් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් අටදෙනා(08) මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින දාහතරක්(14) ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායන කිරීමට අවසර ඉල්ලා සිටින බව පොලිසිය සඳහන් කරයි.
1899 Views
Comments