අනියම් පෙමින් බිහිවූ දරුවාගේ පෙකිණිවැල උදැල්ලෙන් කපා වළදැමූ මව අත්අඩංගුවට

දරුවකු ප‍්‍රසුත කළ අවස්ථාවේම වළ දැමීමට කටයුතු කළ මවක් දුම්මලසුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.
ඒ දුම්මලසුරිය පොලිස් වසමට අයත් මරක්කලමුල්ල ප‍්‍රදේශයේදීයි.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත දුම්මලසුරිය පොලිසියේ නිලධාරීන් විසින් සිදුකල විමර්ශනයකින් අනතුරුව මෙම සිදුවීම පසුගිය 29 වැනි දින රාත‍්‍රීයේ අනාවරණය කර ගැනීමට හැකිවුණා.
පණිවිඩයෙන් දැනුම් දී තිබුණේ මරක්කලමුල්ල ප‍්‍රදේශයේ මවක් දෙවන දරුවා ප‍්‍රසුත කර නිවස පිටුපස කුණු ගොඩක් අසල වළ දමා ඇති බවයි.
මෙලෙස වළ දමා ඇත්තේ සම්පුර්ණ වූ පිරිමි දරුවෙකු වන අතර එම දරුවා උපත ලද විගස වළ දමා ඇති බව දුම්මලසුරිය පොලිසිය විසින් අනාවරණය කරගැනුනා.
අත්අඩංගුවටගත් සැකකාර කාන්තාවට අවුරුදු තුනහමාරක පිරිමි දරුවකුද සිටින අතර ඇය ගැබ් ගෙන ඇති බව ඇයගේ සැමියා පවා නොදන්නා බව ඇය පොලීසිය හමුවේ පවසා තිබුනා.
මාස අටක් පමණ ගත වනතුරු ඇය කිසිම වෛද්‍ය සායනයකට හෝ සහභාගී නොමැති බවද පොලීසිය හමුවේ පැවසූ බවයි වාර්තා වන්නේ. හමුදා සෙබළකු යැයි පවසන පුද්ගලයකු සමඟ අනියම් ඇසුරකින් මෙම ගැබ් ගැනීම සිදුව ඇති බැවින් එම තත්ත්වය වසන් කර සිටි බව ඇය පවසා තිබෙනවා.
උදරයේ කිසියම් රෝගී තත්ත්වයක් ඇති බවට පෙන්වමින් මාස 8කට ආසන්න කාලයක් නිවසේ සැමියා සමඟ ගත කර තිබෙන අතර ඉකුත් 29 වැනි දින උදෑසන 5ට පමණ ඇය දරු ප‍්‍රසුතියට සුදානම් වී ඇති බවට හැඟීමෙන් පසු ඇය නිවස පිටුපස ඇති වැසිකිළියට ගොස් එම කටයුතු සිදුකර උදැල්ලක් ආධාරයෙන් පෙකණි වැල කපා එම උදැල්ලෙන්ම නිවසේ වැසිකිලිය පසුපස ගසක් ආසන්නයේ වළක් කපා බිළිඳා වළ දමා තිබෙනවා.
ඒ අවට කිසියම් කෙනෙක් මෙම සිද්ධිය දැක පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.
මෙම කාන්තාව හමුදා සෙබළකු සමඟ මීට වසර හතරකට පමණ පෙර සිට සැමියාට හොර රහසේ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවටයි ඇය පොලිසිය හමුවේ පවසා තිබෙන්නේ.
සැකකාරියගේ නිවස
30 දහවල් මේ පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවත්වුණු අතර එහිදී වළදැමුණු දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කල බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
මහෙස්ත‍්‍රාත්වරයා ස්ථානීය පරීක්‍ෂණය සිදුකළ අවස්ථාව
දුම්මලසුරිය පොලිසිය විසින් සැකපිට මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව තිබුණා.
දුම්මලසුරිය පොලිසිය මේ සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
6785 Views
Comments