ඇස්බැස්ටෝස් ෂීට් සඳහා තහනමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

ඇස්බැස්ටෝස් ෂීට් සඳහා තහනමක්

ඇස්බැස්ටෝස් ෂීට් සඳහා තහනමක්

පාසල් සහ පෙර පාසල් වල වහලයන් සදහා ඉදිරියේදී ඇස්බැස්ටෝස් ෂීට් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

 

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම තීරණය සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි.

 

මීට අමතරව ලන්ච් ෂීට් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.


එමෙන්ම ප්ලාස්ටික් බෝතල් භාවිතය අවම කිරීම සඳහා රජය යෝජනා කර ඇති තැන්පතු මුදල් ක්‍රමය ද ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.

 

750ml ක ප්ලාස්ටික් බෝතල් වලට විවිධ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන්ගෙන් රුපියල් 10ක තැන්පතු මුදලක් අය කිරීමට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය සඳහා පරිසර අමාත්‍යංශය වෙත යෝජනා ඉදිරිපත් වී තිබුණි.

 

එම ප්ලාස්ටික් බෝතල් නැවතත් ලබාදීමෙන් තැන්පත් කළ මුදල නැවතත් පාරිභෝගිකයන්ට ලබාගත හැකියි. මේ හරහා පරිසරයට මුදා හැරි ඇති හිස් බෝතලයක් එකතු කර දෙන ඕනෑම පුද්ගලයෙකුට අමතර ආදායමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

 

මෙලෙස එක්රැස් කරන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නිෂ්පාදන සමාගම් සමඟ එකතු වෙමින් ඒකාබද්ධ ප්‍රතිචක්‍රීයකරණ කර්මාන්තශාලාව පිහිටුවීම පිළිබඳවද රජයේ අවධානය යොමුව තිබේ.

 

 

views

1102 Views

Comments

arrow-up