ඇස්ට්‍රසෙනෙකා එන්නත ගත් අයට ෆයිසර් දෙවන මාත්‍රාව ලබා දීම නවතයි

ඇස්ට්‍රසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද සිට නවතා තිබේ.
මේ පිළිබඳව දැනුම් දෙමින් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූයේ ජුලි මස 3වන සතිය වෙනවිට ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.4ක් ලැබීමට නියමිත බවයි.
ඒ අනුව අද දින ෆයිසර් එන්නත ලබාගැනීමට පැමිණෙන ලෙස කෙටි පණිවුඩ ලැබුණු පුද්ගලයින්ට ද ඒ සඳහා නොපැමිණ සිටින ලෙස වසංගත රෝග විද්‍යා වේදිනී දිනූකා ගුරුගේ මහත්මිය සිය ට්විටර් ගිණුම ඔස්සේ දැනුම් දී තිබුණා.
source: adaderana
2801 Views
Comments