මොඩර්නා ගැන බොරු කිව්වොත් නීතිය හමුවට

මෝඩර්නා එන්නත ගැන මේ දින වල අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය වල පතුරන්නන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනී.
මේ දිනවල මහනුවර ප්‍රදේශයට ලබා දෙන ලබා දෙන මොඩර්නා කෝවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත පිළිබඳ සමාජමාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරණය වන බව මහනුවර මහ රෝහලේ නීති වෛද්‍යවරයා විසින් මහනුවර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම අසත්‍ය ප්‍රචාර නිසා මහනුවර ජනතාවගේ එන්නත පිලිබද විශ්වාසය බිඳ වැටෙන බවත් එන්නත්කරණය අසාර්ථක වන බවත් නිසා මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන්නන් නීතිය හමුවට ඉදිරිපත් කරන බවත් දැනටමත් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
877 Views
Comments