ඔලිම්පික් බලන්න ගිය ඇමතිවරු මහා භාණ්ඩාගාරයට බරක් නෙවෙයි - ඇමති කෙහෙලිය

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජපානය බලා පිටත්ව ගොස් ඇත්තේ අනුග්‍රාහකයන්ගෙන් ලබාගත් මුදල්වලින් මිස රජයේ මුදල්වලින් නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා සිටියා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රැස්වීමකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට උත්තර දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ මෙම අමාත්‍යවරුන් සිව් දෙනාගේ සංචාරය කිසිසේත් භාණ්ඩාගාරයට හා රජයට බලපෑමක් නැති බවයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සමඟ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරුන් එක්ව සිටී
848 Views
Comments