දෙදරු පියාට මරු කැඳවූ තෝලංගමුවේ මාරක අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

දෙදරු පියාට මරු කැඳවූ තෝලංගමුවේ මාරක අනතුර

දෙදරු පියාට මරු කැඳවූ තෝලංගමුවේ මාරක අනතුර

නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී ටිපර් රථයක්, කැබ් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මියගිය බව වරකාපොල පොලිසිය කියයි.

 

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ තුංතොට හොලොම්බුව ප්‍රදේශයේ පදිංචි දනන්සූරිය ආරච්චිලාගේ උපාලි ධම්මික කරුණාරත්න නැමැති තිස්හත් හැවිදිරි දෙදරු පියෙකි.

 

ටිපර් රථය නුවර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර කැබ් රථය හා යතුරු පැදිය වරකාපොල දෙස සිට තෝලංගමුව දෙසට ගමන් කරමින් තිබී ඇත.

 

එක්වරම කැබ් රථය තවත් වාහනයකට ඉස්සර කිරීමට වැරදි මංතීරුවේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් නිවැරදි මංතීරුවේ පැමිණි ටිපර් රථ රියදුරු අනතුර වළක්වා ගැනීමට දකුණට හැරවීමේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

views

9241 Views

Comments

arrow-up