එන්නත ගත් ලක්ෂ තුනකටම දත්ත වල ගැටලු - යුද හමුදාපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

එන්නත ගත් ලක්ෂ තුනකටම දත්ත වල ගැටලු - යුද හමුදාපති

එන්නත ගත් ලක්ෂ තුනකටම දත්ත වල ගැටලු  - යුද හමුදාපති

එන්නත්කරණය සිදු කල දිනයේ සිට එන්නත් කරනය සිදු කල  ලක්ෂ 3ක පමණ පිරිසකගේ තොරතුරු පිළිබඳ දත්ත වල ගැටලු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී  යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා පවසා සිටියේ තම හමුදා ඛන්ඩයන් විසින් සිදු කල එන්නත් කරනයේ කිසිදු ගැටලුවක් නොමැති බවත් එම දත්ත සම්පූර්ණ වාර්තාවක් පරිඝණක ගත කොට ඇති බවත් සෞඛ්‍ය අංශ විසින් මෙම ක්‍රියා පළිවෙල අනුගමනය නොකරන බවත් හෙතෙම පැවසීය.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා පවසා සිටියේ "යුද හමුදාව පළවෙනි දවසේ ඉඳලම දත්ත පරිගණක ගත කරලා එකතු කරගත්තා. නමුත් සෞඛ්‍ය අංශවල අපි දැක්කා පොත්පත්වල ලියාගෙන යන ක්‍රමවේදයක් තිබ්බා. ඒ හින්දා ගුවන් හමුදාව ඒ මුල්ම එන්නත්කරණ දත්ත එකතු කරන්න යෙදෙව්වා. එකේදි විවිධ තැන්වලදි ගුවන් හමුදාවට ප්‍රශ්න ආවා. ඒ විස්තර දුන්නැති තැන් තිබුණා. කවුද කිව්වේ කියලා අහලා තිබුණා. ගුවන් හමුදාව එනතට ගියාම දත්ත දෙන්න බෑ කියලා තිබුණා. මේ වනවිටත් ලක්ෂ 3ක විතර දත්ත ප්‍රමාණයක් ඇතුළත් කරන්න තියෙනවා. සෞඛ්‍ය අංශවලින් තමයි ඒ ටික එන්න තියෙන්නේ. පළවෙනි එන්නත් මිලියනයේ තමයි ඔය ගැටලුව තියෙන්නේ. සමහර දත්තවල අඩුපාඩු තියෙනවා. අපහැදිලි තැන් තියෙනවා. දැන් ඉස්සරහට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව 560,000කට විතර දෙන්න තියෙනවා. ඒ වෙද්දි ඒ අය එළියට එනවනේ. ඒ අවස්ථාව වෙද්දි මේ තත්ත්වය සමථයකට පත්වෙයි."යන්නයි.

views

1169 Views

Comments

arrow-up