JUL
15
එක්ස්ප්‍රස් පර්ල් නඩුව කල් යයි

මෙරට මුහුදු සීමාව තුළ ගිනිගෙන දැවුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ නඩු විභාගය අගෝස්තු 6 වනදා දක්වා කල්දැමීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා විමර්ශන කටයුතු අවසන් කිරීමට කාලය ඉල්ලා සිටීමත් සමඟයි.
ඒ අනුව එළඹෙන අගෝස්තු 6 වනදා මෙම නඩුව නැවත කැඳවන අවස්ථාවේදී විමර්ශන ප්‍රගතිය පිළිබඳව ද වාර්තා කරන ලෙස මහාධිකරණ විනිසුරු විසින් නියෝග කරනු ලැබුවා.
820 Views
Comments