JUL
15
චීනයේ ඉදිවෙමින් පවතින උමං මාර්ගයක කම්කරුවන් 14 දෙනෙකු ගංවතුරට හසු වේ

දකුණු චීනයේ ඉදිවන උමං මාර්ගයක් තුල ඉදිකිරීම් කටයුතු කරමින් සිටියදී කම්කරුවන් 14 දෙනෙකු ගංවතුරකට හසු වී අතුරුදන් වී ඇති බව ෂුහායි නගර හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව මාර්ගගත සටහනක සදහන් කර ඇත.
ගුවැන්ඩෝ පළාතේ අවට නගරවලින් සෝදිසි හා ගලවාගැනීමේ කණ්ඩායම් පිටත්කර ඇති අතර ගලවා ගැනීමේ කටයුතු දැඩිව හා විධිමත්ව සිදු කරමින් පවතී.
මින් පෙරද උමගෙහි ආරක්ෂක පවුරක් හා ගල් කඩා වැටීමෙන් කම්කරුවන් මිය ගොස් හා තුවාල ලබා ඇති බවද ෂුහායි හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
780 Views
Comments