කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
04

කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක්

කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් අද(04) දිනය තුලදී කොරෝනා රෝගින් 46 දෙනෙකු වාර්තාවී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක ෂෙල්ටන් පෙරේරා පවසයි.

 

අද(04) පස්වරුව වන විට කරාපිටිය රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් 163 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේය. 

 

කොරෝනා ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු හා හෙදියන් තිදෙනෙකු සිටින බවයි ඔහු පැවසුවේ. 

 

මේ අතර කරාපිටිය 06 වාට්ටුවේ පමණක් කොවිඩ් ආසාදිත රෝගින් 24 දෙනෙකු වාර්තා වි ඇති බව පවසන රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා අද දිනය තුල සිටි කොවිඩ් ආසාදිත රෝගින් 29 දෙනෙකු අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කොට ඇති බව පැවසුවේය.

 

මේ වනවිට රෝහලේ සෑම වාට්ටුවකින්ම සේ කොවිඩ් ආසාදිත රෝගින්  එක් අයෙකු හෝ වාර්තා වෙමින් තිබෙන බවයි වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ.

views

695 Views

Comments

arrow-up