යුධ හමුදාපතිගෙන් ආයතන ප්‍රධානීන්ට විශේෂ දැනුම් දීමක්

ආයතනයවල රාජකාරි සඳහා තමන්ට අවශ්‍යම අයවලුන් පමණක් ගෙන්වන්නැයි තමා ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එමෙන්ම උත්සව, සාදවලට මේ මොහොතේ සහභාගීවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ආයතනවලට සේවකයින් සිතැඟි පරිදි කැඳවුවහොත් කොරෝනා අවදානම උත්සන්න විය හැකි බවත් අත්‍යවශ්‍යම සේවකයන් පමණක් මේ මොහොතේදී කැඳවීම ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළේය.
සමහර ආයතනවලට වැඩිපුර සේවකයන් කැඳවන බවට වාර්තා ලැබී ඇතැයිද සඳහන් කල හමුදාපතිවරයා මේ මොහොතේ කතා කළ යුත්තේ රට වැසීම ගැන නොව පුරවැසියන් ලෙස රට නොවැසෙන තැනට වැඩ කිරීම බවත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
බහුතර පිරිසක් ඉල්ලා සිටින්නේ රට නොවසන ලෙස යැයිද ඔහු පැවසුවේය. සෞඛ්‍ය නීති නිසිලෙස පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශේෂයෙන්ම සුපිරි වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථානවලදී ජනතාව බෙහෙවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
813 Views
Comments