අන්තරේ විරෝධයෙන් මහරගම OIC ට ඇඟිලි දෙකක් අහිමි වෙයි - අතිශය සංවේදී ඡායාරූප සහිතයි (PHOTOS)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොතලාවල පනතට එරෙහිව සංවිධාන කළ සිසු විරෝධතාවය අතරදී පොලිස් බැරියල් එකක් පෙරලී දෑගිලි වලට බරපතළ තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපතිට දෑඟිලි දෙකක් අහිමි වීමේ පුවතක් වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු වටරවුම අභියස දී සිදු වූ මෙම සිසු විරෝධතාවයේදී මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇඟට මෙම පොලිස් බැරැක්කය වැටී තිබෙනවා.
මෙලෙස පොලිස් ස්ථානාධිපතිවරයාගේ එක් අතකට බරපතළ තුවාල සිදු වීමෙන් අනතුරුව ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තලවතුගොඩ පිහිටි හේමාස් පුද්ගලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරීක්ෂක H.H. ජනකාන්ත නැමති මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සුවදුක් විමසා බැලීම සඳහා මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයා ද අද එම රෝහල වෙත පැමිණ තිබෙනවා.
2602 Views
Comments