“ප්‍රශ්නය විසඳෙනතුරු රිෂාඩ් එක්ක සන්ධාන නෑ” - විපක්ෂ නායක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

“ප්‍රශ්නය විසඳෙනතුරු රිෂාඩ් එක්ක සන්ධාන නෑ” - විපක්ෂ නායක

“ප්‍රශ්නය විසඳෙනතුරු රිෂාඩ් එක්ක සන්ධාන නෑ” - විපක්ෂ නායක

විසිවන සංශෝධනයට අත එසවූ මන්ත්‍රීවරුන් රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ සිටිනතුරු මෙන්ම දැන් උද්ගතව පවතින විවිධ ගැටලු‍ නිරාකරණය වනතෙක් එම පක්ෂය සමඟ සන්ධාන ගත වීමට තීන්දුවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

රිෂාඩ්ගේ පක්ෂය මහ මැතිවරණයේදී සන්ධානගතවීමට ඉල්ලූමුත් දැන් අලු‍ත් සන්ධානය සකසමින් සිටින බව කී විපක්ෂනායකවරයා රිෂාඩ්ගේ පක්ෂය තවම සමගි ජන බලවේගය සමග සන්ධානගත වී නැතැයිද කියා සිටියේය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.

views

797 Views

Comments

arrow-up