ශ්‍රී ලංකාවට පාවෙන සූර්ය විදුලි බලාගාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

ශ්‍රී ලංකාවට පාවෙන සූර්ය විදුලි බලාගාරයක්

ශ්‍රී ලංකාවට පාවෙන සූර්ය විදුලි බලාගාරයක්

විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියේ දියවන්නාව කේන්ද්‍ර කර ගනිමින් ලංකාවේ පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය , ඉන්දියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

 


විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 1.5ක ධාරිතාවයකින් යුත් මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය මගින් සපුරා ගත හැකි බවයි.

 


අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මෙම ඉදිකිරීම කඩිනමින් සිදුකර , පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය පිළිබඳව සමස්ත රටටම පූර්වාදර්ශයක් ලබාදෙන බවත් මෙම ඉදිකිරීමෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවත්ය.

views

871 Views

Comments

arrow-up