රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක්

පවතින කොරෝනා වසංගත තත්වයත් සමග රට යතාතත්වයට පත්වමින් තිබෙන අවස්ථාවේ රිය අනතුරු වල සීග්‍ර වර්ධනයක් දැකගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
එමෙන්ම ගතවූ පැය 24 තුල රිය අනතුරු මරණ නමයක් වාර්තා වී ඇති අතර එම රිය අනතුරුවලින් හතක්ම වාර්තාවී ඇත්තේ යතුරුපැදිවලින් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා (15) රිය අනතුරු වලින් පුද්ගල මරණ 1260 සිදු වී ඇති බවද පුද්ගලයින් 7077 පමණ තුවාල ලබා ඇත.එයින් සදාකාලික අාබාද සහිත රෝගීන් 3000ක් පමණ තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
749 Views
Comments