ඉදිරි දින කිහිපය අවදානම් - විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණයෙන් උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

ඉදිරි දින කිහිපය අවදානම් - විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණයෙන් උපදෙස්

ඉදිරි දින කිහිපය අවදානම් - විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණයෙන් උපදෙස්

ඉදිරි දින කිහිපයේ දී (විශේෂයෙන් 09 සහ 10 දිනවල) දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ සහ දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ.                          

                                

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

 

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ඉදිරි දින කිහිපයේ දී (විශේෂයෙන් 09 සහ 10 දිනවල) දිවයින අවට මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල) වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ.

 

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. මන්නාරම සිට පුත්තලම දක්වා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වාත් වැඩි විය හැක.

 

මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

859 Views

Comments

arrow-up