මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තංගල්ලේ පපී පොලිස් අත්අඩංගුවට

දිවයිනේ දකුණු ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම් කටයුතු දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ඊයේ දිනයේදී තංගල්ල ප්‍රදේශයේදී මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පපී නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්විය.
කලින් ලද තොරතුරක් ඔස්සේ දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද විමර්ශන හරහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේදීයි.
මෙම පුද්ගලයා මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බෝට්ටු පදවන ස්කීපර්වරයෙකු බවය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අත්අඩංගුවට ගත් පපී නැමැත්තා මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
මේ අනුව දකුණු ප්‍රදේශය ඉලක්ක කරගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදාහැරීම සම්බන්ධ කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකි වනු ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය
කාර්යාංශය විශ්වාස කරයි.
811 Views
Comments